Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එමීර් රාජ්‍යයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල  ඔලිම්පික් උළෙල අබුඩාබියේදී ඇරඹේ
Events

එමීර් රාජ්‍යයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල  ඔලිම්පික් උළෙල අබුඩාබියේදී ඇරඹේ

kumudikaBy kumudikaJune 8, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බුද්ධිමය සහ සංවර්ධන ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික සංඛ්‍යාවක් ඇතුළත් කිරීම සවිබල ගැන්වීම සහ පෝෂණය කිරීම සඳහා මෙම ඉසව්ව දියත් කෙරේ.
අබුඩාබි හි ඇඩ්නෙක් හි මෙම විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්විණි.

විශේෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (7) සිකුරාදා අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් විවෘත විය.
එමීර් රාජ්‍යයේ ඔරු පැදීමේ සම්මේලනයේ සභාපති ෂෙයික් අහමඩ් බින් හම්දාන් මහතා සහභාගී විය.

ජුනි 10 සඳුදා දක්වා පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙලට පන්දු යැවීම, බැඩ්මින්ටන්, පැසිපන්දු, පාපන්දු, පවර් ලිෆ්ටිං සහ ඊ-ක්‍රීඩා යන ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික සංඛ්‍යාවක් තරග වදිනු ඇත.
මෙම ක්‍රීඩා උළෙල හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔරොත්තු දීමේ හැකියාව පුහුණු කරනු ලබයි.
Talal Al Hashemi, මහතා සඳහන් කලේ විශේෂ ඔලිම්පික් උළෙලේ ඉලක්කය වන්නේ අධිෂ්ඨානශීලී පුද්ගලයින් සවිබල ගැන්වීම, ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා අවස්ථාවක් ලබා දීම බවයි.

සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාද සහ ශ්‍රවණ සෞඛ්‍යය, මුඛ සහ දන්ත සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය සහ අක්ෂි පරීක්‍ෂාවන් රට පුරා සිටින වෛද්‍යවරුන් සහ වෛද්‍ය ස්වේච්ඡා සේවකයන් 160 කට වැඩි පිරිසක් විසින් කළමනාකරණය කරනු ලැබේ.

එමීර් රාජ්‍යය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඇල්ජීරියාව යන රටවල වෛද්‍යවරු විශේෂ ඔලිම්පික් මෙනා සමඟ එක්ව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා පුහුණු සැසියකට සහභාගී වෙති.
මෙම විශේෂ ඔලිම්පික් උළෙල විසින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන දේශීය ගොලිසානෝ සෞඛ්‍ය නායකත්ව සම්මානයේ ජයග්‍රාහකයින් ද ක්‍රීඩා උළෙල අතරතුර ප්‍රකාශයට පත් කෙරේ.

මෙම විශේෂ ඔලිම්පික් ඉසව්ව එමීර් රාජ්‍යය තුල සංවිධානයක් ලෙස 2017 ඔක්තෝම්බර් මාසයේදී ඩුබායි හි උප සභාපති සහ පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ්ගේ මඟ පෙන්වීම යටතේ පිහිටුවන ලදී.
ගරු Sheikha Mariam bint Mohamed මැතිණිය ගෞරවනීය සභාපතිනිය ලෙසත්, භාරකාර මණ්ඩලයේ සභාපතිනිය ලෙස ප්‍රජා සංවර්ධන අමාත්‍ය Shamma Al Mazrui මහත්මිය පත් කර ඇත.

විශේෂ පුද්ගලයින් සඳහා වන ඔලිම්පික් උළෙල එමීර් රාජ්‍යය විසින් පවුල් සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි අවධානය යොමු කරන ලද විවිධ ප්‍රජා වැඩසටහන් දියත් කර ඇත.
එය 2017 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර විශේෂ ඔලිම්පික් පදනම-USA වෙතින් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත්තේය.

Abu Dhabi Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය 2023 සඳහා ඩිරාම් බිලියන 66.2 (ඩොලර් බිලියන 18.03) ක ආදායමක් වාර්තා කරයි
Next Article දමිල ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ජනමත විචාරණයක්
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.