Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»මුම්බායි ගුවන්තොටුපලේ සිදු වීමට ගිය බිහිසුණු ගුවන් අනතුරක් අනූ නවයෙන් වැලකේ
World news

මුම්බායි ගුවන්තොටුපලේ සිදු වීමට ගිය බිහිසුණු ගුවන් අනතුරක් අනූ නවයෙන් වැලකේ

kumudikaBy kumudikaJune 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ, මුම්බායි හි පිහිටා ඇති චත්‍රපති සිවාජි මහාරාජ් ගුවන්තොටුපළේ සිදුවීමට ගිය දරුණු ගුවන් යානා අනතුරක් වළක්වා ගැනීමට හැකිව තිබේ.

පසුගිය සෙනසුරාදා (08) පස්වරුවේ එකම ධාවන පථයක යානා දෙකක් ධාවනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ඉන්ඩිගෝ ගුවන් යානයක් අංක 27 ධාවන පථයට ගොඩබස්වා තිබෙන අතර එම අවස්ථාවේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක්ද අදාළ ධාවන පථයෙන් ගුවන් ගත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්ඩිගෝ 5053 ගුවන් යානය හාලියාබායි හොල්කර් ගුවන් තොටුපළේ සිට පැමිණ තිබේ.
එයාර් ඉන්දියා 657 ගුවන් යානය තිරවන්ද්‍රපුරම් බලා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් වේ.
තම යානය අනතුරකින් තොරව ගුවන් ගත කිරීමට හැකි වූ අතර අනෙක් ගුවන් යානය පිටුපසින් එය වෙත ළඟා වන බව ගුවන් නියමුවන් නොදැන සිටි බව නිවේදනයක් නිකුත් කරමින් එයාර් ඉන්දියා සමාගම සඳහන් කර ඇත.

2024 ජුනි 8 වන දින ඉන්දෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් යානයට මුම්බායි ගුවන්තොටුපළට ගොඩබෑමට අවශ්‍ය අවසරය එහි අණ දෙන නිලධාරියා විසින් ලබා දී තිබේ. මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර තම ගුවන් නියමුවන් කටයුතු කළ බව ඉන්ඩිගෝ ගුවන් සේවය වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට හැකි වූ බව සඳහන් වේ.
මෙම යාන දෙක සඳහාම එක් නිලධාරියෙකු විසින් අණ ලබා දී ඇති බවත්, ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති බවද  ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Asia Featured
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට තේරී පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
Next Article ගාර්න් අල් සබ්කා-ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් මාර්ග මංසන්ධි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන පාලමක් විවෘත කෙරේ
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.