එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒම සඳහා මැදිහත්වීමක් සිදු කරන බවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති හමුවක දී සහතික වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා සහය ලබාදෙන බවට තානාපතිවරයා සහතික වී ඇත.

Share.

Comments are closed.