Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර
Sri Lankan news

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර

kumudikaBy kumudikaJune 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස් කළ පනත් කෙටුම්පත ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.

කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මෙම පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පි‍ළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය හෙවත් පාසල්, දිස්ත්‍රික්, පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කර ඇත.

මේ අනුව එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතී‍‍‍‍‍‍ඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති මහත්මිය යන පිරිසගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරන ලදී.

ජනාධිපති ලේකම් විසින් එම කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් මහත්මිය පත්කරන ලදී.

පනත් කෙටුම්පත භාරදීමේ අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබියේ නව සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්
Next Article ලංකාවේ තැඹිලි අපනයනය අඩු වෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.