Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් Netflix කතා මාලාවක
sri Lankan special

හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් Netflix කතා මාලාවක

kumudikaBy kumudikaJune 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් වන ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ ‘බ්‍රිජටන් සීසන් 3′(Bridgerton)චරිතයක් නිරූපණය කරනු ලබන බව වාර්තා වේ.

ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර 2018 මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා වූවාය. 2018 වසරේ පැවති මිස් යුනිවර්ස් තරගයේ ” Miss Congeniality” ලෙස තේරී පත් වු ප්‍රථම හා එකම ශ්‍රී ලාංකීය තරගකාරීය වන අතර වෘත්තිය නිරූපණ ශිල්පීනියකි.

ඔර්නෙලා පැවසුවේ මෙලෙස මෙම කතා මාලාවට එක් වීමට කුඩා අවස්ථාවක් හෝ ලැබීම ඇදහිය නොහැකි අවස්ථාවක් බවයි.
ඇය Instagram හි සටහනක් තබමින් මෙම නිර්මාණය වෙනුවෙන් දායක වූ සැමට හා තමන්ව හැඩ ගැන්වීමට කටයුතු කළ පිරිසට ස්තූතිය පළ කර තිබුණි. එසේම ශ්‍රී ලාංකිකයින්ට ඇය ස්තූතිවන්ත වී තිබේ.

“මගේ රටේ සහයෝගය තමයි මාව තව තවත් ඉදිරියට ගෙන ගියේ. මට මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, නමුත් මම ජයග්‍රහණය කළේ මගේ ගමන පුරාම මට අනෙක් අයගේ සහයෝගය ලැබුණු නිසා. ” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Bridgerton යනු Netflix සඳහා Chris Van Dusen විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු ඓතිහාසික ආදර රූපවාහිනී කතා මාලාවකි. ජූලියා ක්වින්ගේ පොත් මාලාව මත පදනම්ව, එය Netflix සඳහා Shondaland හි පළමු තිර රචනය බව සඳහන්. මෙම කතා මාලාව 1800 ගණන්වල මුල් භාගයේදී විකල්ප ලන්ඩන් රීජන්සි යුගයක, III ජෝර්ජ් වාර්ගික සමානාත්මතාවය ස්ථාපිත කළ අතර ඔහුගේ බිරිඳ චාලට් රැජිනගේ අප්‍රිකානු උරුමය හේතුවෙන් අප්‍රිකානු සම්භවයක් ඇති බොහෝ අය වංශවත් අය බවට පත් කිරීම ද මෙම නිර්මාණයේ දක්නට ලැබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ උෂ්ණත්වය අද දින ඉහළට
Next Article අඟහරු වලින් සොයා ගත් ආවාටයක් ඉන්දීය විද්‍යාඥයෙකුගේ නමින් නම් කෙරේ
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.