2020 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ජය හිමි කරගත්හ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු වටය අවසාන තරඟය වන මෙහිදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හයකට දකුණු 201ක් ලබා ගත්තේය.
නෙදර්ලන්ත පිල පන්දු වාර 16.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118 කි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ තරග හතරකට මුහුණ දී ලබාගත් එකම ජයග්‍රහණය මෙය වන අතර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසාන තරඟයද මෙය වේ.

ඒ සමගම කණ්ඩායම් දෙකේම ලෝක කුසලාන ඉදිරි ගමන අවසන් වන අතර නැවත ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් හිමි වුවහොත්  2027 වසරේදී මුහුණ දීමට හැකියාව ඇත.

Share.

Comments are closed.