Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලබන වසරේ සිට කුලී ආදායම් බද්ද ඉහල යයි ?
Sri Lankan news

ලබන වසරේ සිට කුලී ආදායම් බද්ද ඉහල යයි ?

kumudikaBy kumudikaJune 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යන ආරෝපිත කුලී ආදායම් බද්ද පිළිබඳ මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කර තිබේ.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට මේ බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමුකළ බද්දක් ලෙස හැඳින් වේ

අමාත්‍යාංශය පවසන පරිදි ලබන වසර අවසාන වනවිට අපේක්ෂිත රජයේ ආදායම් ඉලක්කය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් බව සඳහන් ය.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තවදුරටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ක ඉලක්කයක් සපුරාගත යුතුයි.

මෙම ඉලක්කය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය  වන ප්‍රධාන ආදායම් ක්‍රමවේදය දේපළ මත පදනම් වන මෙම බද්ද ලෙස සැලකේ.
මේ හරහා 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන්  0.2% ත් 2026 වසරේදී 0.4% අතර ආදායමක් උපයා ගැනීමට සූදානම් වේ.

මුදල් අමාත්‍යාංශ නිවේදනයේ උපුටා ගැනීම

“මෙම බද්ද පැනවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එය 2025 අප්‍රේල් මස සිට බලාත්මක වනු ඇත.නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ලේඛන ප්‍රකාශයට පත්කිරීමත් සමග 2023 මාර්තු මාසයේදී මුල්වරට දැනුම් දුන් පරිදි තක්සේරු කිරීමේ යාන්ත්‍රණ සහ මෙම යෝජිත බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත පදනම වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු පරිපාලනමය ක්‍රියාකාරකම් රැසක් සිදුකළ යුතුව ඇත.ඇත්ත වශයෙන්ම මෙය අලුත් බදු ක්‍රමවේදයක් නොවේ.ශුද්ධ වාර්ෂික වටිනාකම ලෙස හැදින්වූ මීට සමාන ආරෝපිත ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදයක් 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේද ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ දේපළ, පළාත් පාලන ආයතන විසින් අය කරන වරිපනම් බදු මෙන්ම මුද්දර බදු වැනි පවතින බදු වලටද යටත් වේ.එබැවින් දේපල බදු සම්බන්ධයෙන් සැළකිය යුතු පූර්වාදර්ශයක් දැනටමත් පවතින බව දැක්විය හැක.”

රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායම ළගා කර ගැනීමට අපොහොසත්වීම සමස්ත රටටම විනාශකාරී බලපෑමක් ඇතිකළ ආර්ථික අර්බුදය නැවත ඇතිවීමට හේතුකාරක වනු ඇති බවට මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අනතුරු ඇඟවීමක්ද කර තිබුණි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි දික්කසාද වූ දෙමාපියන් සඳහා ජාත්‍යන්තර සංචාරක නීති ලිහිල් කරයි
Next Article මිනිස් සිරුරේ මාංශ පේශීන් විනාශ කරන රෝග ව්‍යාප්තිය ඉහලට
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.