Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ෆයිසර් එන්නතින් අතුරු ආබාධ – ඇමරිකාවෙන් නඩු දමයි
World news

ෆයිසර් එන්නතින් අතුරු ආබාධ – ඇමරිකාවෙන් නඩු දමයි

kumudikaBy kumudikaJune 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා තිබේ. 

කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වීය.

” ‘ෆයිසර් ‘ සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙන. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා. සමහරු මියගිහින්. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි. ජර්මන් සමාගම් දෙකක් ද ‘ෆයිසර්’ සමඟ අත්වැල් බැඳගෙන සිටී. ‘ෆයිසර්’ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරය. ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ වයිරසය පාලනය සඳහා ලොව රටවල් රැසක භාවිත කෙරුණු වඩාත් ආරක්ෂිත යැයි පැවැසුණු ප්‍රතිශක්තිකරණ එන්නත වූයේ මෙම ‘ෆයිසර්’ එන්නතය. 

මේ වනවිට, ඔකස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වී නිපදවා, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලබා දුන් බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ ‘ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී තිබේ. ඒ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීම් ඇති වෙනවා යැයි අධිකරණය හමුවේ තහවුරු වීමත් සමඟය.

එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වීමට ද ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගත්තේය.

ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතය. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් අධිකරණය හමුවේ තහවුරු විය. ඇස්ට්‍රාසෙනකා සමාගම මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාමාන්‍ය ජනතාවගෙන් කුලී නිවාස බදු අය කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි
Next Article හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න පියවර
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.