Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»EPF ගෙවීම් පැහැර හරින ආයතන වලට නඩු
Sri Lankan news

EPF ගෙවීම් පැහැර හරින ආයතන වලට නඩු

kumudikaBy kumudikaJune 22, 2024Updated:June 22, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර තිබෙන ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

2021 දෙසැම්බර් 31 වන විට නඩු 5,000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වී ඇති අතර, අදාළ ආයතන එම ලිපිනයන්හි මේ වන විට නැති වීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශගත වීම වැනි හේතු මේ සඳහා බලපා ඇති බව කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අනුව සියලු දිස්ත්‍රික්වල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳ තොරතුරු සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා නියෝග කර තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ කරුණු අනාවරණය වී ඇත.

අර්ථසාධක අරමුදල් ගැනීමේදී අයදුම්කරුගේ තොරතුරුවල අඩුපාඩු සහිත වීමෙන් අයදුම්පත්‍ භාර දීම සඳහා අධික කාලයක් ගත වීම පිළිබඳවද අවධානය යොමු විය. අයදුම්පත්‍ භාර දීමට පැමිණීමට පෙර මහජනතාවට ඒ බව පරීක්ෂා කර බැලීම සඳහා ක්‍රමවේදයක් නැති වීම විශාල අඩුවක් බවද කාරක සභාව පෙන්වා දුනි.

2019 වසරේ කම්කරු පනතේ සිදු කළ සංශෝධනයට අනුව සියලු කර්මාන්තශාලා කම්කරු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වුවද එය තවමත් නිසි ලෙස සිදු නොවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. කම්කරුවන් ඇතුළු කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ලියාපදිංචිය සිදු කළ යුතු වුවද එය නිසි ලෙස සිදු නොවන බව කාරක සභාවේදී සාකච්ඡා වූහ. මුහුණ දුන් කොවිඩ් තත්ත්වය, ආර්ථික අර්බුදය වැනි හේතු නිසා පමා වූ මේ කටයුතු කඩිනම් කරන බව නිලධාරීහු පිළිතුරු වශයෙන් පැවසූහ.

දැනට පවතින කර්මාන්තශාලා 32,000කට ආසන්න ප්‍රමාණයෙන් දැනට ලියාපදිංචි වී ඇත්තේ 4,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බැවින් ඒ කටයුතු කඩිනම් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දත්ත සපයාගැනීමට ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා වෙනත් නිලධාරීන් හෝ යොදවා වැඩපිළිවෙළක් සකස් කොට මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් මෙහිදී දන්වා තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ශ්‍රීෂ්ම සෘතුව අද සිට
Next Article Social Media වලට අනතුරු ඇඟවීමේ ලේබලයක් ?
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.