ලොව ප්‍රථම වතාවට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුගේ නාමය AI ස්ටීව් ලෙස ඡන්ද පත්‍රිකාවල සඳහන් වීමට නියමිතව ඇත.
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය.

එමෙන්ම ඔහුගේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වීමට නියමිතව ඇත්තේ AI ස්ටීව් ලෙස නිර්මාණය කළ මුහුණ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර ඊට තවත් AI අපේක්ෂකයින් බඳවාගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.
ස්ටීව් මෙවර මැතිවරණය ජයග්‍රහණය කලහොත් ඔහු ලොව පළමු AI නීති සම්පාදකයා බවට පත්වීමේ අවස්ථාවක් ඇත.

Share.

Comments are closed.