රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස් හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසු බ්‍රිතාන්‍ය බන්ධනාගාරයකින් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විකිලීස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහිව චෝදනා 18ක් ගොනුකර ඇත.

2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ඔහු ලන්ඩනයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා තිබිණි. අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත ජුලියන් අසාන්ජ්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව තිබේ.

Share.

Comments are closed.