Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සීතාවක සංචාරක කලාපය ශ්‍රී ලංකාවේ දෙවන තිරසර සංචාරක කලාපය බවට  පත් කෙරේ
Sri Lankan news

සීතාවක සංචාරක කලාපය ශ්‍රී ලංකාවේ දෙවන තිරසර සංචාරක කලාපය බවට  පත් කෙරේ

kumudikaBy kumudikaJune 25, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා ආසියානු සබැදි සමුළුව පසුගියදා පැවැති අතර ඊට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හා සීතාවක උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තෙත් බිම් සමුළුව සඳහා දිවයිනට පැමිණි රටවල් 15ක පරිසරවේදීන් සියයකට අධික පිරිසක් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක උද්භිද උද්‍යානය හා කලටුවාව ජලපිරිපහදු මධ්‍යස්ථානය ඇතුළු ආකර්ෂණීය සංචාරක ස්ථානවල විශේෂ සංචාරයකට එක්වූහ. දුම්රිය ගමන අතරතුරදී කොළඹ ගෝල්ෆ් ක්‍රීඩාගංණය සහ කිතුල් කන්ද ආශ්‍රිත පරිසර පද්ධතිය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විණි.

සීතාවක උද්භිද උද්‍යානයේ පිහිටුවා තිබූ සමරු ඵලකය නිරාවරණය කළ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිල වශයෙන් සනිටුහන් කළේය.

ඒ අනුව ලොව සුවිශේෂී සංචාරක සංකල්පයක් වන තිරසර සංචාරක කලාපයක් බවට පත් වූ ශ්‍රී ලංකාවේ දෙවැනි කලාපය බවට සීතාවක තෙත් කලාපය පත්වේ.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා-

නව සංචාරක ගමනාන්තයක් සඳහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් මුළු ලෝකයේම අවධානය දිනාගත් සංචාරක ප්‍රදේශයක් බවට සීතාවක පුරවරය පත්කිරීම මෙහි අරමුණයි. මේ වන විටත් බස්නාහිර පළාතේ සංචාරක ගමනාන්ත, අප්‍රකට සංධිස්ථාන ලෝකයටම රැගෙන යන Westen province of sri lanka යන වැඩසටහන ජපානය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය, චීනය ආදී රටවල්වලට හඳුන්වා දී තිබේ. එම රටවල්වල විශේෂ අනුග්‍රහයද මේ සඳහා හිමි වන බව සඳහන් ය.

නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම ද සහිතව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.
විදේශවලින් පැමිණි සියකට අධික පරිසරවේදීන් මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය , ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිකිලීස් හරහා ඇමරිකානු රහස් හෙළිදරව් කල ජුලියන් අසාන්ජ් ට නිදහස
Next Article හිඟුරක්ගොඩ ගුවන්තොට සංවර්ධනයට කැබිනට් අනුමැතිය
kumudika

Related Posts

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.