102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්ව ජයගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

තරගය විනාඩි 02.04.22කින් අවසන් කරමින් ඇය මෙම ජයග්‍රහණය වාර්තා කලාය. කෙසේ වෙතත් එය ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවූ බව සඳහන් වේ.

මීටර් 800 ඉසව්ව සඳහා වන ඔලිම්පික් පරිසාධන මට්ටම විනාඩි 01.59.30 කි. කෙසේ වෙතත් තරුෂිට මේ මස 30 වැනිදා කොළඹ දී පැවැත්වෙන අවසන් තේරීම් තරගයට සහභාගි වී ඔලිම්පික් සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාවක් හිමි කරගත හැකිය.

Share.

Comments are closed.