ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

තවද රෝහිත් ශර්මා ද ජාත්‍යන්තර 20 යි 20 පිටියට සමු දෙන බවයි නිවේදනය කර ඇත.
20යි 20 ලෝක කුසලාන අවසන් තරගය ඉන්දියාව ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කලහ.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ මෙම තරගය සිය අවසන් 20 යි 20 ජාත්‍යන්තර තරගය වන බවයි.
ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දෙමින් අවසන් තරගයේදී අගනා පිති හරඹයක යෙදෙමින් විරාට් කෝලි අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඒ අනුව කෝලි ඔහුගේ ලකුණු 76 සඳහා ඊයේ අවසන් තරගයේ වීරයා වූ අතර දකුණු අප්‍රිකාව ලැබූ ලකුණු 7 ක පරාජයෙන් පසුව 2011 වසරෙන් පසු ලෝක කුසලානයක් ඔසවා තැබූ පළමු ඉන්දීය නායකයා බවට රෝහිත් ශර්මා පත්විය.

37 හැවිරිදි රෝහිත් සහ 35 හැවිරිදි විරාට් කෝලි විස්සයි 20 ජාත්‍යන්තර ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පිළිවෙළින් අංක එක සහ දෙක ස්ථානවල පසු වෙති.

Share.

Comments are closed.