ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අර්ථනිරූපණයක් ලබා දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලැබී තිබේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයකු වන චමින්ද්‍ර ඩී. ලේනව මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ඡේදය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වැනි පරිච්ඡේදය මඟින් සංශෝධනය වූ බව ප්‍රකාශ කර ඇති නමුත් එය ප්‍රශ්නගත බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දොළොස්වන පරිච්ඡේදය සලකා බැලීමේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සිදුවී නැති බව පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත. එම සංශෝධනය සිදුකිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරු විසින් චෝදනා කර ඇත.
අදාළ සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට වසර පහ තෙක් අඩු කර ඇති බව ප්‍රකාශ වූ බව ද පෙත්සමෙහි සඳහන් වේ.
එම ව්‍යවස්ථා සංශෝධනය ඒ වන විට බලයේ සිටි විධායක ජනාධිපතිවරයාට ද බලපවත්වන බවට සඳහන් වූ බව ද පෙත්සම්කරු විසින් පෙන්වා දෙන ලදී.
මෙසේ බලයේ සිටින ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව අනුව එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ද පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත.
නමුත් එවැන්නක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිදු නොවූ බව ද ඔහු විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යෑමක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබේ.
මේ හෙයින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය වූ ලෙස සැලකිය නොහැකි බව ද එසේ සැලකිය යුතු නැති බව ද පෙත්සම්කරු විසින් අවධාරණය කර සිටියි.
අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමෙන් පසුව 2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මඟින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි සංශෝධනය වූ ලෙස සැලකිය නොහැකි බැවින් ඔහුගේ නිල කාලය වසර හයක් තෙක් පවතින බව පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පසුව පාර්ලිමේන්තුව මඟින් තෝරාපත් කර ගන්නා ලද අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධුර කාලය අදාළ වසර හය සම්පූර්ණ වන තෙක් පැවැතිය යුතු බව පෙත්සම්කරු පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී තිබේ ද යන්න ගැටලුසහගත බැවින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අර්ථනිරූපණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද එම පෙත්සමේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(6) වැනි ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑම නීතියක් අර්ථකථනය කිරීම සඳහා වන සුවිශේෂ බලයක් ලබා දී ඇති බව ද පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය වී තිබේ ද ජනාධිපතිවරයාගේ ධුර කාලය කවරක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මඟින් අර්ථකථනය කළ යුතු බව ද පෙත්සම්කරු පවසයි. එසේ අර්ථනිරූපණයක් ලබා ගැනීමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර එමඟින් මහජනතාවගේ මුදල් වැරදි ලෙස භාවිත කිරීමක් සිදුවිය හැකි බව ද පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබේ.
එබැවින් අධිකරණය මඟින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් ලබාදෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
එම ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි පරිච්ඡේදය අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි සංශෝධනය වී තිබේ ද යන්න පිළිබඳ අර්ථනිරූපණයක් දෙන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එසේම එම අර්ථනිරූපණය ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමෙන් මැතිවරණ කොමිසම වළක්වන නියෝගයක් සහ සුදුසු අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා සිටියි.