Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මේ වසරේදී ශ්‍රී ලංකාවේ වාර්තාගත කුකුල් මස් නිෂ්පාදනයක්
Sri Lankan news

මේ වසරේදී ශ්‍රී ලංකාවේ වාර්තාගත කුකුල් මස් නිෂ්පාදනයක්

kumudikaBy kumudikaJuly 5, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් ඉදිරිපත් කර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව 2024 වසරේ මේ වනවිට මෙරට කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් මිලියන 269ක් දක්වා ඉහළ දැමීමට හැකි වී තිබේ.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් මිලියන 230කි. එමෙන්ම මෙරට මෙතෙක් පැවැති වාර්ෂික කුකුළු මස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 220- 230 දක්වා විය. මෙම තත්ත්වය පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය හා රසායනික පොහොර අර්බුදය උග්‍ර ලෙස පැවැති අවස්ථාවේ සීග්‍රයෙන් පහල ගියේය.

සියලු කුකුලු ගොවිපොළවල සමස්ත ධාරිතාවය ඉහළ නැංවීම, සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය බලපත් සත්ව ගොවිපොළවලට හා සත්ව ආහාර නිෂ්පාදන සමාගම්වලට පමණක් ලබා දීම මෙන්ම පසුගිය වසරේ මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 220,000 ඉහළ යාම කූකුළ මස් නිෂ්පාදනය හා බිත්තර නිෂ්පාදනය ඉහළ යාමට හේතුවිය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය සියයට15කින් ඉහළ ගොස් තිබේ. පැවැති දෛනික බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වුවද, මේ වනවිට එම ප්‍රමාණය බිත්තර මිලියන 8.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීම මුළුමනින්ම නැවැත්වීමට හැකි වී තිබේ. දැනට ශ්‍රී ලංකාවේ ජනතාව පරිභෝජනය කරනු ලබන්නේ අප රටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වේ. බිත්තර මිල ඉල්ලුම ඉහළ යාම නිසා මිල ගණන් රුපියල් 50 සීමාවේ තිබුනත් රටේ දෛනික පරිභෝජනයට අවශ්‍ය තරම් බිත්තර වෙළෙඳපොලේ ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනේ පළමු ගම්මාන කිහිපය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස පහළ ලෙනගල, හල්ලොලුව හා මාපිටිගම යන ගම්මානවල වැඩකටයුතු ඊයේ (04) ආරම්භ කිරීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවන්ට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

විශේෂයෙන් සංචාරක කර්මාන්තය සංවර්ධනය, මාළු මිල ගණන් ඉහළයාම හා බිත්තරවල ඇති පෝෂ්‍යදායකබව සම්බන්ධව මහජනතාව වැඩිපුර දැනුම්වත් වීම යන හේතුන් මත බිත්තර පරිභෝජනය ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව හා දෝහා අතර ගුවන් ගමන් වැඩි කරයි
Next Article ඩුබායි නගරයෙන් ලොව විශාලම මෝටර් රථ වෙළඳ සංවර්ධන ව්‍යාපෘතියක්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.