Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජයෙන් වැඩිම වියදම ආරක්ෂක අංශ වෙනුවෙන්
Sri Lankan news

රජයෙන් වැඩිම වියදම ආරක්ෂක අංශ වෙනුවෙන්

kumudikaBy kumudikaJuly 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා රුපියල් කෝටි 32729 ක් වැය කරද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවද මහාචාර්යවරයා කීවේය.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා කීය.

හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත් අතුකෝරළ මහතා සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ අන්තර්ජාල  වංචා ප්‍රමාණය ඉහලට
Next Article එමීර් රාජ්‍යය, මන්දගාමී ව්‍යාපාරික තත්වයන් තුල මාස තුනක දී ශක්තිමත් නව වැඩ වර්ධනයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.