Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025

IMF ණය වැඩසටහන අවසන් ණය වැඩසටහන කර ගැනීම අපේ අපේක්ෂාවයි – ජනපති කියයි

June 16, 2025

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රහයට MAS Holdings එක් වෙයි
Sri Lankan news

ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග්‍රහයට MAS Holdings එක් වෙයි

kumudikaBy kumudikaJuly 10, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 33වැනි (XXXIII) ඔලිම්පික් උළෙලට සහභාගින ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලුම් සහකරු ලෙස මාස් හෝල්ඩින්ග්ස් (MAS Holdings) සමාගම එක්ව ඇත.

මේ සඳහා නිල අනුග්‍රාහකත්වය ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා (8)  කොළඹදී සිදුකෙරුණි.
එම අවස්ථාවට මාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සම නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන්, එහි ප්‍රධාන විධායක දිනේෂ් ද සිල්වා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සභාපතිනි ශ්‍රියාණි කුලවංශ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය නියෝජනය කරමින්ද මහත්ම මහත්මීන් ඇතුළුව ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්හි නිලධාරීන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් මාස් හෝල්ඩින්ග්ස් සමූහ නිෂ්පාදන පරිවර්තන නිලධාරී ඩිල්ෂාන් මොහොමඩ් මහතා සඳහන් කළේ, තම සමාගම විසින් නිම කරන ලද ඇඟලුම් කර්මාන්ත ශාලාවල නිසි පරීක්ෂණවලට ලක්කරමින් ක්‍රීඩකයන්ට සුදුසු පරිදි නිම කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ආදරය, කරුණාව, දයාව යන ගුණාංග සිතෙහි රඳවා ගනිමින් පිරිසිදු චේතනාවෙන් මෙම ඇඟලුම් නිෂ්පාදනය කරන බවත්, එතුළින් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය සපයනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධාන විධායක දිනේෂ් ද සිල්වා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සහ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එකඟතා ගිවිසුමට අත්සන් තැබීමට මෙහිදී සිදුවිය.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුමද මෙහිදී එළිදැක්වුණු අතර, එම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන්, මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ නිලධාරීන් හා ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා දිල්හානි ලේකම්ගේද එක්විය.

මෙවර ඔලිම්පික් උළෙල මේ මස 26වැනිදා සිට අගෝස්තු 11වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිල්හානි ලේකම්ගේ (මලල ක්‍රීඩා), තරුෂි කරුණාරත්න (මලල ක්‍රීඩා), අරුණ දර්ශන (මලල ක්‍රීඩා), කයිල් අබේසිංහ (පිහිනුම්), ගංගා සෙනෙවිරත්න (පිහිනුම්) හා විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනා සුදුසුකම් ලබා තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදවල් 12  ට කලින් සේවයට වාර්තා කරන්න – වර්ජනයේ නිරත දුම්රිය මාස්ටර්ලට  අවසන් නිවේදනයක්
Next Article එමීර් රාජ්‍යය මාර්ග ආරක්ෂාව වැඩි දියුණුවට යාවත්කාලීන කරන ලද ඊ-ඇමතුම් පද්ධතියක් හඳුන්වා දෙයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට IMF හි අඛණ්ඩ සහය –  නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරියගෙන් පොරොන්දුවක්

June 16, 2025

IMF ණය වැඩසටහන අවසන් ණය වැඩසටහන කර ගැනීම අපේ අපේක්ෂාවයි – ජනපති කියයි

June 16, 2025

කොළඹ මහ නගර සභාව බල්තසාර්ට

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.