ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන එමීර් රාජ්‍ය කණ්ඩායම ඊයේ අලුයම මෙරටට පැමිණියහ.
ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත තරගාවලියට නම් කළ සංචිතයට අමතරව තවත් ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් ද මේ සංචාරයට එක්ව සිටිති.
ඊෂා ඕසාගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ද සිටීම විශේෂත්වයකි. 21 හැවිරිදි කවීෂා එගොඩගේ වන ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාවකි.
ලොව අඩුම වයසකදී ජාත්‍යන්තර අර්ධ ශතකයක් වාර්තා කළ ක්‍රීඩිකාව බවට වාර්තා අතරට එක්ව සිටින ඇය අවුරුදු 15යි දින 264කදී මැලේසියාවට එරෙහිව විස්සයි20 තරගයකදී ලකුණු 57ක් රැස් කරමින් මේ වාර්තාව පිහිට වූවාය.
ආසියානු කුසලාන කාන්තා තරගාවලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දඹුල්ලේදී පැවැත්වේ.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය, සහ නේපාලය සමඟින් එමීර් පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙති.