Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඩොනල්ඩ් ට්‍රම්ප්ට් වෙඩි ප්‍රහාරයක්
World news

ඩොනල්ඩ් ට්‍රම්ප්ට් වෙඩි ප්‍රහාරයක්

kumudikaBy kumudikaJuly 14, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකානු හිටපු ජනාධිපති මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි.

ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් ඉලක්ක කර එල්ල වු වෙඩි ප්‍රහාරවලින් ට්‍රම්ප්ගේ දකුණු කන ආශ්‍රිතව තුවාල සිදු වී ඇත.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ට්‍රම්ප් බිම දිගා වූ අතර එම අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් වහාම ඔහුව වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කලහ. ඒ වනවිටත් ට්‍රම්ප්ගේ කන ආශ්‍රිතව සහ මුහුණෙහි රුධිරය තිබෙනු දක්නට ලැබී තිබේ.

එම මැතිවරණ රැළියට සහභාගි වී සිටි ‘ග්‍රෙග්’ නැමැති පුද්ගලයෙකු බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් එම අවස්ථාවේ සිදුවු දේ පිළිබඳ පැහැදිලි කර තිබුණි.

ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ බව පැවසෙන ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු තමන් දුටු බවත්, තමන් ඒ මොහොතේම ඒ පිළිබඳ ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ට පැවසූ බවත් ‘ග්‍රෙග්’ නමැති පුද්ගලයා විසින් බීබීසී පුවත් සේවය සමග ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඒ බව පැවසුවද ඔවුන් එය ගණනකටවත් නොගත් බව ග්‍රේග් චෝදනා කර තිබේ.

“වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා.. ඒ මොහොතේම මම ඒක ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරීන්ට කීවා… ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ.. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා..“
වෙඩි තැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහුට සුළු තුවාල සිදුව ඇති බවත් සඳහන්ය.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු පාර්ශ්ව රැසක් ට්‍රම්ප්ට එල්ල වු ප්‍රහාරය හෙළා දැක තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ මෙවැනි ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් ලෙස සලකන බවයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවට ඇවිත් ආයෝජනය කරන්න – ඇමති මනූශ ගෙන් ඩයස්පෝරාවට ආරාධනා
Next Article ලංකාවේ විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අතහිත
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.