Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»2024 සාජා Summer Promotion ඇරඹෙයි
Events

2024 සාජා Summer Promotion ඇරඹෙයි

kumudikaBy kumudikaJuly 17, 2024Updated:July 17, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) විසින් සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරිය (SCTDA) සමඟ එක්ව මෙය සංවිධානය කරයි.  සාප්පු සවාරි සහ සංචාරක විනෝදාස්වාදය සඳහා විශේෂ ගනුදෙනු, ප්‍රවර්ධන වට්ටම්, විනෝදාස්වාද ක්‍රියාකාරකම් මීට ඇතුලත් වේ.

ජුලි 1 වැනි දින ආරම්භ වූ සාජා Summer Promotion ආරම්භ වූ දා සිට සාප්පු සවාරි ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ඉහළ යාමක් සමඟින් සාජා හරහා සාප්පු සංකීර්ණවල පාරිභෝගිකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබේ.

මෙම වසරේ සුවිශේෂී සංස්කරණයේ කොටසක් ලෙස වෙලඳ මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන සිදුවීම් සහ ක්‍රියාකාරකම් මාලාව සමඟ පාරිභෝගිකයින් දැඩි ලෙස සම්බන්ධ වී ඇත. සිල්ලර වෙළඳසැල් සමඟ සාජා වාණිජ මණ්ඩලය විසින් පිරිනමනු ලබන වටිනා ත්‍යාග සහ වට්ටම් මෙයට ඇතුළත් වේ.

විවිධ නිෂ්පාදන සහ සේවා සඳහා සියයට 75ක් දක්වා වට්ටම් සහිතව, හෝටල් නවාතැන් සහ භෝජන අත්දැකීම් පිළිබඳ විශේෂ ප්‍රවර්ධන ඉසව්  මේ හරහා හිමි වේ. සංචාරකයින් ආකර්ශනය කර ගන්නා Al-Ayala සහ Al-Yula නැටුම්වල සම්ප්‍රදායික එමිරාති ජන කලා ප්‍රසංග ද ප්‍රදර්ශනය කෙරේ.

සාජා Summer Promotion වැඩසටහනේ මෙවර සංස්කරණය ඉදිරි සති කිහිපය පුරාවටම පැවැත්වෙන අතර වටිනා ත්‍යාග සහිත දිනුම් ඇදීමේ පුළුල් කාලසටහනකින් ද සමන්විත වේ. ජුලි 20 වැනි දින 06 මාල් හිදී රන් බාර් 10 ක්, හෝටල් නවාතැන් 4 ක් සහ වෙළඳ වවුචර 11 ක් පිරිනැමෙන මහා දිනුම් ඇදීමක් පැවැත්වේ.

ජුලි 25 සිට 28 දක්වා දිවෙන, සාජා Summer promotion මගින්, සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් මාලාවක් සමඟ අව්‍යාජ එමිරාති උරුමයේ තල් ගසෙහි සංස්කෘතික වටිනාකම සමරන ප්‍රධාන උත්සවයක් වන Al Daid Date උත්සවය විශේෂ වේ.
සාජා Summer Promotion 2024 හි එක් විශේෂත්වයක් වන්නේ සාජා එමිරේට්ස් හි දිබ්බා අල් හිස්න් නගරයේ අගෝස්තු 28 සිට 31 දක්වා පැවැත්වෙන අල් මාලේ (ලුණු දැමූ මාළු) සහ මසුන් ඇල්ලීමේ උත්සවයයි. එමීර් රාජ්‍යයේ මත්ස්‍ය ලුණු දැමීම සහ සමුද්‍ර ධීවර කර්මාන්තයට උපහාර දක්වන සංස්කෘතික සංදර්ශන සහ තරඟ ඇතුළු උරුමය තේමා කරගත් ක්‍රියාකාරකම් රැසක් මෙම අවස්ථාවට ඇතුළත් වේ.

සාජා Summer protion 2024 සැප්තැම්බර් 1 වැනිදා සහරා මධ්‍යස්ථානයේදී රන් බාර් 10ක්, හෝටල් නවාතැන් 4ක්, වෙළඳ වවුචර 13ක් සහ සුඛෝපභෝගී ඉන්ෆිනිටි මෝටර් රථයක් පිරිනැමෙන මහා දිනුම් ඇදීමකින් අවසන් වේ.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleATM ජාලය පුළුල් කිරීමට MBank ,FAB සමඟ ගිවිසුමකට
Next Article ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තර කරන්න – ශ්‍රී ලංකා ජනපතිගෙන් කැබිනට් සංදේශයක්
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.