ලොව පුරා වාර්තා­ගත අයු­රින් මේ වන විට උෂ්ණ­ත්වය ඉහළ ගොස් ඇතැයි ද, එය දැන් තාප වසං­ග­ත­යක් බවට පත්වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටාරෙස් මහතා ප්‍රකාශ කරයි. ගෝලීය වශ­යෙන් බිලි­යන සංඛ්‍යාත ජන­තාව දැඩි උෂ්ණ­ත්ව­යෙන් පීඩා­වට පත්ව සිටින බව සඳ­හන් කර­මින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා අධික තාපයේ බල­පෑ­ම්ව­ලට කඩි­නම් විස­ඳුම් සෙවී­මට පිය­වර ගන්නා ලෙස ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් ද කර ඇතැයි වාර්තා වේ.

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් ලොව පුරා ජන­තාව පෙර නොවූ විරූ අයු­රින් ඉහළ උෂ්ණ­ත්ව­ය­කට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථි­කයට දැඩි බල­පෑ­මක් එල්ල කරන බවත් සඳ­හන් කර ඇති අතර, එම තත්ත්ව­යෙන් කඩි­න­මින් මිදීම සඳහා පොසිල ඉන්ධ­න­ව­ලින් ඉව­ත්වන ලෙසත් ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මැද­පෙ­ර­දිග, අප්‍රි­කාව, ආසි­යාව ඇතුළු කලාප රැසක ජන­තාව අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් දුෂ්ක­රතා රැස­කට මුහු­ණපා සිටින බව ද සඳහන් වේ.

Share.

Comments are closed.