Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව නීති දැඩි කරයි
sri Lankan special

විදෙස් රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව නීති දැඩි කරයි

kumudikaBy kumudikaJuly 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024.07.22 දින සිට ඊයේ (26) දක්වා ගතවූ දින 5 ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර්, නවසීලන්තය, මැලේසියාව, රුමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දොලොස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ නීතිවිරෝධි ආයතනයක්ද කුරුණෑගල ප්‍රදේශයේදී වැටලීම් කර තිබේ. එහි තිබී ජිව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් වංචාකිරීම යන චෝදනාවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ නීති කටයුතු සඳහා අධිකරණයන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  දඩුවම් පමුණුවා තිබේ.

විදේශ රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් ශ්‍රි ලාංකික තරුණ පිරිසට හිමිවීමත් සමග විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් ඇත. ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්, විදේශ රැකියා වංචාවන්ට එරෙහිව සිය විමර්ශන කටයුතු පුළුල් කරන මෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණ කොමිෂමෙන් තවත් ගැසට්ටුවක්
Next Article එමීර් රාජ්‍යයේ අඩු වන උපත් අනුපාතිකය ඉහල දැමීමට සැලසුම්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.