ජීවන වියදම් සහ දුර්වල සෞඛ්‍යය එමීර් රාජ්‍යයේ නව බිළිඳුන්ගේ සංඛ්‍යාව සඳහා ප්‍රධානව බලපාන බවත් එම නිසා උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් අනාගත ශ්‍රම හිඟයක් ඇති විය හැකි බවට විශේෂඥයින් සැක පල කරති.

උපත් පාලන ක්‍රම සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහ වෘත්තීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට මාතෘත්වය ප්‍රමාද කරන කාන්තාවන් වැඩි වීම, ලොව පුරා දක්නට ලැබෙන අනෙකුත් දායක සාධක වේ.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය විසින් 2021 දී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ කාන්තාවකගේ ජීවිත කාලය තුළ උපත ලබන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව 1950 දී 4.84 %සිට 2021 දී 2.23 % දක්වා පහත වැටී ඇති බවයි.

ඉතාලිය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල දරුවන් උපත ලැබීමේ ප්‍රවණතාව අවම වූ අතර, එහි අනුපාතය ළමුන් 2.1% ට වඩා පහල අගයක් වාර්තා කලේය.

වසර 2100 වන විට ගෝලීය සංඛ්‍යා 1.59 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත. එමීර් රාජ්‍යයේ, ලෝක බැංකු සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 1960 දී එක් කාන්තාවකට දරුවන් 6.7ක් වූ සශ්‍රීකත්වය 2022දී 1.4 දක්වා පහත වැටී ඇති අතර එය අනාගත ආර්ථික ප්‍රතිවිපාක ඇති කළ හැකි ප්‍රවණතාවකි.

Share.

Comments are closed.