අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිරී ගිය ළැව්ගිනි හේතුවෙන් අක්කර තුන්ලක්ෂ පනස්දහසකට වඩා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය එම ප්‍රාන්තයේ මෙතෙක් වාර්තා වූ වඩාත්ම දරුණු 7 වැනි ළැව්ගින්න ලෙස ඉතිහාසයට එක් වූ බව එම ප්‍රාන්තයේ වන සංරක්ෂණ හා ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ගිනි නිවන භටයන් දහස් ගණනක් ළැව් ගිනි මැඬපැවැත්වීමේ මෙහෙයුමට එක්වී සිටින අතර, උතුරු කැලිෆෝනියාවේ පැතිරී යන ළැව්ගින්න පාලනය කළ නොහැකි තත්ත්වයක පවතින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගිනි නිවන භටයන් 3,700කට අධික පිරිසක් සමඟ හෙලිකොප්ටර් සහ ගුවන් යානා විසිපහකට ආසන්න සංඛ්‍යාවක් ගුවනේ සිට දැවැන්ත ජල කඳක් විසුරුවාලීමට කටයුතු කළද, මෙතෙක් පාලනය කර ඇත්තේ 10% ක පමණ කොටසක් පමණක් බව ද වාර්තා වේ. කැලිෆෝනියාවේ ළැව්ගින්න හේතුවෙන් අහසට විහිදෙන අතිවිශාල දුමාරය ඒ ආසන්නයේ පිහිටි සෙසු ප්‍රාන්තවලටද පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.