Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පෘථිවියේ ජීවය වසර බිලියන 1.5 කට පෙර සිදු වූ බව කියන අලුත් සාක්ෂියක් මතු වෙයි
World news

පෘථිවියේ ජීවය වසර බිලියන 1.5 කට පෙර සිදු වූ බව කියන අලුත් සාක්ෂියක් මතු වෙයි

kumudikaBy kumudikaJuly 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පෘථිවියේ ජීවයක් බිහිව ඇත්තේ වසර බිලියන 1.5කට පෙර බවට සනාථ කරන අලුත් සාක්ෂියක් සොයාගෙන ඇතැයි ගැබොන් රාජ්‍යයේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිවේදනය කර තිබේ.

එම විද්‍යාඥයින් පිරිස පුරෝකථනය කරන්නේ මුලින් අනුමාන කර තිබූ කාලසීමාවට වඩා වසර බිලියන 1.5කට පෙර පෘථිවියේ ජීවයක් බිහිව ඇති බවටයි.

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන ගැබොන් රාජ්‍යයේ විද්‍යාඥයින් පිරිසක් පෘථිවිය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කටයුතු සිදු කරගෙන යනු ලබන බව වාර්තා වේ.

පෘථිවියේ සත්ත්ව ජීවයක් මුලින්ම හටගෙන ඇති බව පෙන්වන පාරිසරික සාධක සහිත සාක්ෂියක් ගැබොන් රාජ්‍යයේ පාෂාණවලට ගැඹුරින් සොයාගෙන ඇති බව අදාළ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ඇත.

ඒ අනුව වසර බිලියන 2.1කට පෙර පෘථිවියේ ජීවයක් පැවතී ඇතත් එම ජීවීන් අභ්‍යන්තර මුහුදු ප්‍රදේශයට සීමා වී සිට ඇති අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත නොවී එම ජීවීන් මියගොස් ඇති බවට ඔවුන් අනුමාන කරන බව සඳහන්‍ ය.

කෙසේ වෙතත් පෘථිවියේ ජීවය ආරම්භ වීම සම්බන්ධයෙන් සොයාගෙන ඇති මෙම නව සාක්ෂිය සෑම විද්‍යාඥයෙකු විසින්ම පිළිගෙන නොමැත. බොහෝ විද්‍යාඥයන් විසින් විශ්වාස කරනුයේ පෘථිවියේ සත්ත්ව ජීවිතය ඇරඹි ඇත්තේ මෙයට වසර මිලියන 635කට පෙර බවයි.

ගැබොන් රාජ්‍යයේ ප්‍රාන්ස්විල් ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති ෆොසිල බව කියන පාෂාණ සැබවින්ම ෆොසිල ද යන්න පිළිබඳව මෙම දිනවල විද්‍යාඥයන් අතර වාදයක් පවතී. අදාළ ෆොසිල සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ දියත් කළ යුතු බවට ඇතැම් විද්‍යාඥයින් තරයේ ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
Next Article එමීර් රාජ්‍යය හජ් ක්‍රියාකරුවන් 4 දෙනෙකුගේ බලපත්‍රය අවලංගු කරයි
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.