Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»හමාස් නායක ඝාතනය නිසා ඉරානයේ රතු ඉර පනී
World news

හමාස් නායක ඝාතනය නිසා ඉරානයේ රතු ඉර පනී

kumudikaBy kumudikaAugust 1, 2024Updated:August 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ඝාතනයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව විසින් සිය නායකයා ඝාතනය කළ බව හමාස් සංවිධානය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කටාර් රාජ්‍යයේ පදිංචිව සිටින හමාස් නායකයා ඝාතනයට ලක්වී ඇත්තේ ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය ධුරයේ දිව්රුම් දීමේ උත්සවයට ටෙහෙරාන් නුවරට ගොස් සිටියදීය. ටෙහෙරාන් අගනුවර ඔවුන් නවාතැන්ගෙන සිටි ඉරාන යුද වීරයන් සඳහා වෙන් කළ නේවාසික ගොඩනැඟිල්ලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයා සමඟ ඔහුගේ ආරක්ෂක නිලධාරියකුද ද ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඔහු ඝාතනයට ලක්වූ අයුරු පිළිබඳ නිවැරැදි තොරතුරු කිසිවක් මෙතෙක් හෙළි වී නැතැයි ද වාර්තා වේ.

හමාස් නායකයා ඝාතනය සම්බන්ධව ඉරානය දැඩි ලෙස කෝපයට පත්ව ඇතැයි ද, වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. “ඔබ අපේ අමුත්තා අපගේ භූමියේදීම මරා දැමුවා. ඒ ආකාරයෙන්ම ඔබටත් වන්දි ගෙවන්නට සිදු වේවි” ඊශ්‍රායලට චෝදනා කරමින් ඔහු එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ මරණය වෙනුවෙන් ඉරානයේ දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන් ය.

හමාස් නායකයාගේ ඝාතනයේ වගකීම භාර ගන්නා බවට ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකශ කර තිබේ. මේ අතර හමාස් නායකයාගේ මරණය පිළිබඳ ලොව රටවල් රැසක් ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද වාර්තා වේ. ඔහුගේ ඝාතනය හෙළා දකිමින් පාකිස්තාන රජය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, එය සාහසික ක්‍රියාවක් බවත්, ඊශ්‍රායලය කලාපයීය යුද්ධයකට පසුබිම නිර්මාණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. රුසියාව ද එම ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, එය පිළිගත නොහැකි දේශපාලන ඝාතනයක් බවට ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ඝාතනය මැදපෙරදිග සැලකිය යුතු ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරිමට හේතුවනු ඇතැයි රුසියාව අනතුරු අඟවා තිබේ. චීනය, තුර්කිය හා මැලේසියාව ඇතුළු රටවල් රැසක් ද හමාස් නායකයාගේ ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

හමාස් නායකයාගේ අවමංගල උත්සවය ඊයේ ටෙහ්රාන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන් පසුව ඔහුගේ සිරුර කටාර් රාජ්‍යයට රැගෙන යෑමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඔහුගේ සිරුර ලබන සිකුරාදා කටාර් අගනුවරදී මිහිදන් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Featured Middle East World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහමාස් නායක ඝාතනය ශ්‍රී ලංකා ජනාධිපති තරයේ හෙලා දකී
Next Article ඉක්මනින් ජනාධිපතිවරණ ඇප මුදල් තැන්පත් කරන්න – මැකෝගෙන් නිවේදනයක්
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.