බ්‍රිතාන්‍යයේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහය වන සංවිධානවලට සම්බන්ධ පරිශ්‍ර 39 ක් පිළිබඳ අවධානයෙන් පසුවන බව ප්‍රජා අමාත්‍ය ජිම් මැක්මහෝන් පවසා තිබේ.

විවිධ ස්ථානවල විරෝධතා සංවිධාන කර ඇති බැවින්, ජනතාව අවදානයෙන් පසු විය යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.මේ වන විට 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර 100කට පමණ චෝදනා එල්ල කර ඇති බවත් පොලීසිය පවසයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තායි තානාපති කාර්යාලය තම පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
එක්සත් රාජධානියේ සිටින තායිලන්ත ජාතිකයන් වඩාත් විමසිලිමත් විය යුතු අතර විරෝධතා පවතින ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස තානාපති කාර්යාලය එමගින් ඉල්ලා ඇත.
නයිජීරියාව, මැලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව මීට පෙර එක්සත් රාජධානියට කරන සංචාර සම්බන්ධයෙන් තම පුරවැසියන්ට අනතුරු ඇඟවූහ.

Share.

Comments are closed.