Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියාව සහ ලංකාව මිත්‍රත්ව පෙදෙසක් නම් කරයි
Sri Lankan news

ඉන්දියාව සහ ලංකාව මිත්‍රත්ව පෙදෙසක් නම් කරයි

kumudikaBy kumudikaAugust 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරිණි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊයේ(08) මෙය විවෘත විය.

මෙම විවෘත කිරීමේ උත්සවය ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශෛලමය ඵලකය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් නිරාවරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණගුංග මහතා, ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ජාතික සඳුන් උයනේ ආරුක්කුවක හැඩයකට මුරුත පැළ සිටුවමින් මේ සඳහා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2024 ලෝක පරිසර දිනයේදී දියත් කරන ලද #Plant4Mother ව්‍යාපෘතියේ අංගයක් ලෙස පරිසරය සඳහා කල කැපවීම අවධාරණය කරමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. අග්‍රාමාත්‍ය මෝදි මහතා 2024 ජූනි 5 වන දින නව දිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ බෝ පැළයක් සිටුවමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඉන්දියාව තුළ මෙම ව්‍යාපෘතිය යටතේ 2024 සැප්තැම්බර් වන විට පැළ මිලියන 800ක් ද 2025 මාර්තු වන විට පැළ බිලියන 1.4ක් ද ‘සමස්ත රජය’ සහ ‘සමස්ත සමාජය’ යන ප්‍රවේශය අනුගමනය කරමින් සිටුවීමට අපේක්ෂා කෙරේ.

‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ විවෘත කිරීම දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයට සාක්ෂ්‍යයක් වේ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහ තිරසාර ආර්ථික වර්ධනයක් සදහා ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය වඩා ඉහළ නැංවීමට සහ සවිමත් කිරීමට දෙරටෙහි දැක්ම ද මෙමගින් පිළිඹිබු වේ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article13 වැනි Sikka කලා සහ නිර්මාණ උළෙල සඳහාඅයදුම්පත් භාර ගැනේ
Next Article බිත්තර මිල අඩුවන ලකුණු
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.