රුසියා යුද්ධයට ගිය ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 5 දෙනෙකු යුද සිරකරුවන් ලෙස යුක්රේන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, තුර්කියේ, අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යුක්රේන රජය එය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි. තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් ද දැනුවත් කර තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුසියානු දේශසීමාව හරහා යුක්රේනයට ඇතුළු වූ අවස්ථාවේදී ය. එම පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ද මැදිහත්වීමෙන්, සාකච්ඡා ක්‍රියාත්මක වේ.
රුසියා – යුක්රේන යුද්ධයට මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් පිටත් කර යැවීමේ මිනිස් ජාවාරම පිළිබඳව පසුගිය කාලයේ තොරතුරු අනාවරණය විය. ඉන් යුද්ධය අතරතුර මියගොස් ඇති ලාංකිකයින් සංඛ්‍යාව 6 කි.
අදාළ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අඛණ්ඩ පරික්ෂණ ක්‍රියාත්මක බවද වාර්තා වේ.