Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ආසියාවේ රටවල විදුලි බිල් අතරින් ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් ඉහලට
Sri Lankan news

ආසියාවේ රටවල විදුලි බිල් අතරින් ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් ඉහලට

kumudikaBy kumudikaAugust 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එහිදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම මෙන්ම විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු බවද සවස 6 සිට 11 අතර කාලයේ අධික විදුලිය පරිභෝජනයක් සිදුවන බැවින් ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල් අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කිරීම මත මෙලෙස ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ලොව ඇතැම් රටවල විදුලි පාරිභෝගිකයන් සඳහා නව ක්‍රම හඳුන්වා දී ඇති අතර “ප්‍රී පේඩ්”  වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාව අනුව විදුලිය ලබාගත හැකිය. එසේම ඔවුන්ට අධික විදුලි ගාස්තුවක් ගෙවන්නට සිදු නොවන බවද ඔහු පෙන්වා දී තිබේ.
විදුලිය සඳහා සුහුරු මීටර (Smart meters) හඳුන්වාදීම තුළින් පාරිභෝගිකයාට තම විදුලිය පරිභෝජනය අවම කරගත හැකි වන අතර එවැනි ක්‍රියාවලියක් මගින් පාරිභෝගිකයාට සවස 6 සිට 11 අතර කාලයේ තමන්ගේ විදුලිය පරිභෝජනය කළමනාකරණය කර ගැනීමට හැකිවන බැවින් විදුලි බිල ද අවම කරගත හැකි යැයි ඔහු කියා සිටියේය.

විදුලිබල මණ්ඩලය 2022 වසරේ රුපියල් බිලියන 298.2ක ශුද්ධ අලාබයක් ලැබුවද විදුලිය ගාස්තුව වැඩි කිරීම මත 2023 වසරේ රුපියල් බිලියන 61.2 ශුද්ධ ලාබයක් ලැබීය. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් අය කරන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැයට වඩා සුළු මුදලකි. ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලයට තවදුරටත් විදුලිය ගාස්තුව පහත හෙලීමට හැකියාව පවතින බවයි.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ Bayanat, Yahsat සහයෝගයෙන් පළමු SAR චන්ද්‍රිකාව දියත් කරයි
Next Article එමීර් රාජ්‍යයේ රියදුරන්ට කළු ලකුණු අඩු කර ගැනීමට අවස්ථාවක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.