නවසීලන්තය හැර යන එහි පුරවැසියන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරැකියාව ඉහළ යෑම, අධික පොළී අනුපාතික මෙන්ම ආර්ථික වර්ධනය පහළ යෑම ආදී කාරණා මීට බලපා ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

නවසීලන්ත රජය විසින් ඊයේ (13) නිකුත් කරන ලද දත්තවලට අනුව  2024 ජූනි මාසයෙන් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200ක් නවසීලන්තය හැර ගොස් ඇති අතර එය වසරකට නවසීලන්තය හැර ගිය ඉහළම පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සටහන්ව ඇත.

මෙලෙස නවසීලන්තය හැර ගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් පමණ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවද එම දත්ත වල සඳහන් වේ.

Share.

Comments are closed.