Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඇක්වා, ප්‍රියස් මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් අද දිවයිනට
Sri Lankan news

ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් අද දිවයිනට

kumudikaBy kumudikaAugust 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් (Jennifer R. Littlejohn) අද (19) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව ඇය අද (19) සිට ලබන 21 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරතවනු ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි දක්වා තිබේ.

රාජ්‍ය නිලධාරීන් හා හවුල්කරුවන් හමුවී එක්සත් ජනපදයේ සහය ලබන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට හා හයිඩ්‍රො ග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා පිළිබඳ ගවේෂණය කිරීමට ඇය සැලසුම් කර ඇතැයි සඳහන් වේ.

ඇය ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ද සංචාරය කිරීමට නියමිත අතර ඇයගේ මෙම සංචාරය ආරම්භ කර ඇත්තේ පසුගිය 17 වැනිදායි.

සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරියගේ සංචාරය අතරතුර සොබාදහම, සමුද්‍ර සංරක්ෂණය, ප්ලාස්ටික් සහ වායු දූෂණය, දේශගුණික අර්බුදය, වන විනාශය, ස්වභාවික අපරාධ, සිවිල් සහ වාණිජ අභ්‍යවකාශ ක්‍රියාකාරකම්, STEM හි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර නිල් ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන්.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අගෝස්තු මස 21 සිට 28 දක්වා ඇය ඉන්දියාවේ – චෙන්නායිහි තානාපති ජල විශේෂඥ වැඩසටහන නිරීක්ෂණය කර ගංගා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇය සොයාබැලීමට නියමිතය.

එමෙන්ම විද්‍යාත්මක පර්යේෂණ, අභ්‍යවකාශ ගවේෂණ, වනජීවී ජාවාරමට එරෙහිව සහයෝගීතාව සඳහා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගැනීමටද එහිදී ඇය සැළසුම් කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඇය හරිත තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාර සහ පර්යේෂණ සංවිධාන, පාරිසරික සිවිල් සමාජ නියෝජිතයන් සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ පිරිසිදු බලශක්ති ව්‍යාපෘති පිළිබඳව කටයුතු කරන විද්වතුන් හමුවීමට නියමිතයි.

අනතුරුව ඇය අගෝස්තු මස 28 වැනිදා සිට 30 දක්වා මාලදිවයිනේ සංචාරයට එක් වේ.
එහිදී ඇය දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, පාරිසරික ආරක්ෂාව සහ සමුද්‍ර හා වනජීවී සංරක්ෂණය පිළිබඳ ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ සහ සිවිල් සමාජ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදත්ත සොරා ගැනීම් ඉහලට
Next Article අවසන් ඇසළ රන්දෝලි මහ පෙරහර අද
kumudika

Related Posts

ඇක්වා, ප්‍රියස් මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025

පලවෙනි ලුණු තොගය අද දිවයිනට

May 14, 2025

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.