Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සොබාදනවි බලාගාරය සංවර්ධනයට ඉන්දීය රජයෙන් සහය
Sri Lankan news

සොබාදනවි බලාගාරය සංවර්ධනයට ඉන්දීය රජයෙන් සහය

kumudikaBy kumudikaAugust 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රිය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලදාරි හෝටලයේදී සිදුකෙරුණු අතර විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

ශ්‍රී ලංකාවේ LTL හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම එක්ව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය තාක්ෂණික ඇගැයීම් කමිටුවක් මඟින් ඇගැයීමට ලක් කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලැබිණි.

මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අමතමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව, පිරිසුදු සහ වඩා තිරසාර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

ලඟදීම ආරම්භ කෙරෙන කෙරවලපිටියේ සෝබාධනවි බලාගාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ LNG සැපයීම සඳහා LTL සහ PLL ඒකාබද්ධ සංවර්ධනයක් වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙන අතර මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සඳහා LNG හඳුන්වාදීමේ අතුරු ප්‍රතිඵලයක් බව ද ඒ මහතා පෙන්වාදෙයි.

එවැනි ප්‍රතිලාභයක් ශ්‍රී ලාංකේය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීම තුළින් ජනන පිරිවැය අඩු කිරීමට අපේක්ෂා කළ හැකි බව කී විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනවලට සහ බල අධිකාරියට මඟ පෙන්වන බව ද කියා සිටී.

මෙම සහයෝගිතා හවුල්කාරිත්වය මඟින් සොබාධනවි බලාගාරයට LNG සැපයීම සඳහා අතුරු විසඳුමක් ලෙස Petronet’s Kochi terminal India වෙතින් ISO බහාලුම් හරහා කොළඹ වරායට LNG ආනයනය කිරීමේ පහසුකම් සංවර්ධනය කරන අතර කොළඹ වරායට පැමිණි පසු ISO බහාලුම් වරායේ නම් කර ඇති ගබඩා ප්‍රදේශයේ ගබඩා කරයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්
Next Article රියදුරු බලපත්‍රය ගැන අලුත් තීන්දුවක්
kumudika

Related Posts

ජපානයෙන් දිවයිනට ගෙන්වන වාහන වලට පනවන බදු ඉහල වැඩියි – ජපන් තානාපති කියයි

May 14, 2025

දුර ගමන් බස් සේවා විශේෂ පරික්ෂාවකට

May 14, 2025

Aqua, Prius මෝටර් රථ වර්ග ආනයනය නවතයි

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.