ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට සූදානම් බව තොරතුරු වාර්තා වේ.

මූලික අදියරේදි මැදපෙරදිග සහ ආසියාවේ ද අනතුරුව යුරෝපයටද ගුවන් ගමන් ආරම්භ කිරීම ඔහුගේ අරමුණ බව සඳහන් වේ.

බෝයිං ගුවන් යානා මිලදී ගැනීමට එම ව්‍යාපාරිකයා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බවද සඳහන්ය.

මෙම නව ගුවන් සේවාව හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අභියෝගයක් එල්ල වනු ඇතැයි ගුවන්සේවා ආරංචි මාර්ග පවසයි.

Share.

Comments are closed.