2024 ඩුබායි Distination summer Campaign විවිධ සමාජ මාධ්‍ය වේදිකා හරහා පුළුල් ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලබා ගනිමින් මාස දෙකකට පසුව අවසන් විය.

ඩුබායි හි දෙවන නියෝජ්‍ය පාලක සහ ඩුබායි මාධ්‍ය කවුන්සිලයේ සභාපති ගරු Sheikh Ahmed bin Mohammed bin Rashid Al Maktoum මහතා ගේ මඟපෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ප්‍රචාරණ ව්‍යාපාරය වසර පුරා ඩුබායි සුවිශේෂී ගමනාන්තයක් බවට පත් කරන විශේෂී ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ඉස්මතු කරයි. ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලයේ (GDMO) නිර්මාණාත්මක අංශය වන ඩුබායි සන්නාමය විසින් ක්‍රියාත්මක කරන ලද සහයෝගීතා ව්‍යාපාරයේ විචිත්‍රවත් අවසානයක් දක්නට ලැබිණි.

ඩුබායි සන්නාමයේ අධ්‍යක්ෂ ෂයිමා අල් සුවයිඩි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “2024 ඩුබායි Summer Campaign  ආකර්ෂණීය අත්දැකීම් සමඟ  ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස එහි තත්ත්වය තවදුරටත් තහවුරු කළ බවයි.

මෙම වසරේ ප්‍රචාරණයේදී දේශීය සහ ගෝලීය ප්‍රේක්ෂකයන්ගෙන් ආකර්ෂණීය දායකත්වයක් ලබා මෙම ව්‍යාපාරය දිනා ගත්තේය. ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ්, ටික්ටොක්, ෆේස්බුක් සහ X ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා හරහා අතිවිශාල මහජන සහභාගීත්වයක් සහ මිලියන 20 කට අධික වීඩියෝ නැරඹුම් වාර සහිත විශාල ප්‍රතිචාරයක් මේ සඳහා හිමි විණි.

Share.

Comments are closed.