Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ 4 ක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ 4 ක්

kumudikaBy kumudikaAugust 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

එසේම මේ වන විට ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලක්‍ෂ 04ක් ශ්‍රී ලංකාවේ සිටින බවට ගණනය කර ඇතැයි ලංකා ඇල්සයිමර් පදනමේ ලේකම් ලක්මාලි කබ්රාල් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සංවිධාන කෙරෙන වැඩසටහන් පිළිබඳ කොළඹ අද(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින්, ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease International – ADI) සාමාජිකයකු වන ලංකා ඇල්සයිමර් පදනම (Lanka Alzheimer’s Foundation – LAF) විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක්ම සංවිධාන කර ඇත.

ඩිමෙන්ශියාව පමා කිරීම හෝ වැළැක්වීම සඳහා ඉතාමත් වැදගත් වන කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින්, ලංකා ඇල්සයිමර් පදනම ‘මතකය සඳහා ධාවන තරගය’ (Run to Remember) යන තේමාව යටතේ කිලෝමීටර 5 ක ධාවන තරගයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් මස 07 වැනිදා සවස 4.30 ට ආරම්භ කරයි. මීට අමතරව ‘මතක පාගමන 2024’ (Memory Walk 2024) යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන පාගමන සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව. 7.30 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ආරම්භවේ. ඒ සඳහා වන දිනුම් ඇදීමක් සහිත ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 300 කි.

ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට දැන් කාලය එලැඹී ඇත. මේ පිළිබඳව දැනුවත්වීම තුළින් ඩිමෙන්ශියාවේ අනතුරු ඇඟවීමේ සංඥා හඳුනා ගැනීමට, පූර්ව රෝග විනිශ්චය සහතික කිරීමට සහ පශ්චාත් රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය සහාය ලබා දීමට අප හට සාමූහිකව ක්‍රියා කළ හැකිය. ඇල්සයිමර් රෝගය වයසට යාම හේතුවෙන් ඇතිවන සාමාන්‍ය දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ ප්‍රතිකාර නොමැති වූවද, එහි ඇති අවදානම අඩු කිරීමට සහ එහි වර්ධනය මන්දගාමී කිරීමට ක්‍රියාමාර්ග බොහෝමයක් ඇත. ඩිමෙන්ශියාවෙන් පීඩාවට පත් වූවන් හට අර්ථවත් බලපෑමක් ඇති කරමින්, ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ලංකා ඇල්සයිමර් පදනම සමගින් සම්බන්ධ විය හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා https://alzlanka.org හි LAF වෙබ් අඩවිය ඔස්සේ සහ 011-2667080/82 අංකය හරහා ලබා ගත හැකිය.

Asia Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලොත් ශ්‍රී ලංකාව නැවත අර්බුදයක – මහ බැංකු අධිපති කියයි
Next Article බොරතෙල් ගණන් උස්සයි
kumudika

Related Posts

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.