යේමනයේ හූති සටන්කාමීන් රතු මුහුදේදී අල්ලා ගත් ශ්‍රීක තෙල් නෞකාවේ දර්ශන ප්‍රසිද්ධ කර ඇති බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම මස මුලදී සටන්කාමීන් විසින් Sounion නම් නෞකාව අත්පත් කර ගෙන තිබුණි.
ඒ අනුව නිකුත් කර ඇති දර්ශන අනුව නෞකාවේ මතුපිට පිපිරීම් මාලාවක් සිදුවන ආකාරයක් දක්නට ලැබේ.

මෙම දර්ශන බ්‍රහස්පතින්දා නිකුත් කර ඇත.
පාරිසරික ව්‍යසනයක් ඇති කළ හැකි සහ කලාපයේ නාවික ගමනාගමනයට අවදානමක් ඇති කළ හැකි ග්‍රීක ධජය සහිත නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් පිළිබඳ ජාත්‍යන්තර බිය මේ වන විට ඇතිව තිබෙන බව සඳහන් ය. මෙම නෞකාව බොරතෙල් බැරල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් සිට ඇතැයි වාර්තා වේ.

Share.

Comments are closed.