ජර්මනියේ සුප්‍රසිද්ධ වොක්ස්වැගන් සමාගම එරට පිහිටි සිය කර්මාන්තශාලා වසා දැමීමට තීරණය කර ඇත.

සිය පිරිවැය කප්පාදු කිරීම සහ ඒ හරහා සමාගමේ මූල්‍ය තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම අද වන විට ජර්මනිය ඇතුළු යුරෝපයේ වාහන වෙළෙඳ පොළ වෙත එල්ල වී ඇති බලපෑම මේ සඳහා හේතුව වී තිබේ.

මෙම කර්මාන්තශාලා වසා දැමීමත් සමග දහස් ගණනකගේ රැකියා අර්බුදයක් මතුව ඇත.

Share.

Comments are closed.