සිංහ ක්‍රිකට් සමාජය විසින් පළමු වරට ඉදිරිපත් කරනු ලැබූ ” සිංහ Shuttle Smash Show Down” 2024 බැඩ්මින්ටන් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 7 වනදා ඩුබායි ලෑන්ඩ් හි අකීලා විදුහල් පරිශ්‍රයේ “Smash Sport Academy ” හිදී අති සාර්ථකව නිමා විය. කාන්තා සහ පිරිමි තරගකරුවන් 48 ක් කාන්තා කුසලාන දෙකක් හා පිරිමි කුසලාන තුනක් සදහා තරග වැදුණහ.

මෙහිදී කාන්තා ප්‍රථම අංශයේ කුසලානය දිනාගනු ලැබුවේ මහේෂිකා සහ මල්මී යන යුගලයි. එසේම එහි අනුශුරතාවය දිනාගනු ලැබුවේ දෙවන්මිනී සහ උදානි යුගලයි.  හෙරුශි හා මල්ෂා යුගල විසින් දෙවන අංශයේ කුසලානය දිනාගනු ලැබූහ. එහි අනුශුරතාවය හිමිවූයේ ෂයිනි සහ සංජුලා යුගලයටයි.

පිරිමි ප්‍රථම අංශයේ කුසලානය දිනාගනු ලැබුවේ සුරංග සහ වසන්ත යන යුගලයි . එසේම එහි අනුශුරතාවය දිනාගනු ලැබුවේ චමීර සහ ක්‍රිශාන්ත යන යුගලයි. එරන්ද කුලසිංහ සහ අසංක බුද්ධික යන යුගල විසින් දෙවන අංශයේ කුසලානය දිනාගනු ලැබූහ. එහි අනුශුරතාවය හිමිවූයේ අනුරාධ සහ ජනක දන්දෙනිය යන යුගලයටයි. තෙවන අංශයේ කුසලානය රොෂාන් හා ශ්‍රීනාත් විසින් දිනාගනු ලැබූ අතර අසංග සහ තාරුක විසින් එහි අනුශුරතාවය දිනාගනු ලැබුවෝය.

තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූ AIA Insurance Sri Lanka ආයතනයටද, මාධ්‍ය  අනුග්‍රහය දැක්වූ Dubai Lanka News ආයතනයටද සිය හෘදයාංගයම ස්තුතිය සංවිධායක මඩුල්ල විසින් පුද කර සිටියි. එසේම තරග විනිශ්චයකරුවන්ට, ලකුණු සටහන්කරුවන්ට, ආරාධනය පිළිගෙන කුසලාන ප්‍රදානය සදහා පැමිණි ප්‍රභූවරුන්ට, ජායාරූප ශිල්පියාට හා Smash Sport ආයතනයට සංවිධායකයින් සිය ස්තුතිය පළකර සිටිති. තරඟ නරඹන්නන්ගෙන් ලැබුන සහයද ඉතා අගයකොට සලකන අතර ඉහත නම් සඳහන් නොකල සහයෝගය පල කල සියළු පිරිසට ස්තුතිය පිරිනැමේ.

වසරක් පාසා මෙවැනි බැඩ්මින්ටන් තරගාවලීන් සංවිධානය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වන අතර මෙම ඉසව්වෙන් ලද පන්නරය සමග ලබන වසරේදී මෙයටත් වඩා සාර්ථක තරගාවලියක් ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

Share.

Comments are closed.