Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්
sri Lankan special

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

kumudikaBy kumudikaSeptember 12, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දි­යාවේ චෙන්නා­යි­හිදී ඊයේ ආරම්භ වූ 4 වැනි දකුණු ආසි­යානු (අවු­රුදු 20න් පහළ) කනිෂ්ඨ මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පළමු දිනයේ සියලු ගෞරව හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. රට­වල් 6ක් එක්වන තර­ගා­ව­ලියේ පළමු දිනයේ පද­ක්කම් සට­හනේ පෙර­මුණ ගැනී­මට ද ශ්‍රී ලංකාව සමත් වූයේ පද­ක්කම් 9ක් දිනා ගනි­මිනි.

ඊට රන් පද­ක්කම් 3ක්, රිදී පද­ක්කම් 3ක් සහ ලෝකඩ පද­ක්කම් 3ක් ඇතු­ළත් විය.
පිරිමි මීටර් 100 ඉස­ව්වෙන් නව ජාතික කනිෂ්ඨ වාර්තා­වක් සමඟ රන් පද­ක්කම දිනා ගැනී­මට මෙරොන් විජේ­සිංහ සමත් විය.

මෙරෝන් තත්පර 10.41කින් තර­ගය නිමා කළ අතර, ඒ සමඟ ෂෙහාන් අබේ­පි­ටිය තත්පර 10.43කින් තබා තිබූ ජාතික කනිෂ්ඨ වාර්තාව මැකී ගියේය. එය නව තර­ගා­වලි වාර්තා­වක් මෙන්ම තම හොඳම පෞද්ග­ලික කාලය ද විය. එම ඉසව්වේ රිදී පද­ක්කම දිනා ගැනී­මට දිනෙත් ඉඳු­වර වීර­ර­ත්නට (තත්. 10.49) හැකි වූයේ ඔහුගේ ද හොඳම කාලය සට­හන් කර­මිනි.

මේ අතර මීටර් 800 කාන්තා හා පිරිමි රන් පද­ක්කම් දිනා ගැනී­මට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. එහිදී තරුෂි අභි­ෂේකා මිනිත්තු 2:10:83කින් කාන්තා රන් පද­ක්කම දිනා ගනිද්දී එහි පිරිමි රන් පද­ක්කම දිනා ගැනී­මට සවිඳු අවිශ්ක සමත් වූයේ මිනිත්තු 1:49.83ක කාල­යක් වාර්තා කර­මිනි. මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ සන්සලා හිමා­ෂ­නීට (මිනිත්තු 2:12.13) හිමි වූවාය.

ශ්‍රී ලංකා­වට එකම ඉස­ව්ව­කින් රිදී පද­ක්කම් හිමි කර දීමට නේත්‍රා සමාධි සහ කශ්මිකා තිමාෂි ඊයේ සමත් වූයේ කාන්ත උස පැනීමේ ඉස­ව්වෙන් මීටර් 1.65ක දක්ෂ­තා­වක් සම­ඟිනි.

පිරිමි යගු­ළිය විසි කිරීමේ ඉස­ව්වෙන් ජයවි අල්විස් (මී. 15.69) ලෝකඩ පද­ක්කම දිනා­ගත් අතර, කාන්තා මීටර් 100 ඉස­ව්වට එක් වූ ෂනෙලා සෙනෙ­වි­රත්න (තත්. 12.04) ලෝකඩ පද­ක්කම දිනා ගැනී­මට සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩ­ක­යන් 29ක්, ක්‍රීඩි­කා­වන් 25ක් ඇතු­ළත්ව සිටිති. මේ තර­ගා­ව­ලියේ අද (12) දෙවැනි දිනය වන අතර, හෙට (13) තර­ගා­ව­ලිය නිමා වීමට නිය­මි­තය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට
Next Article ජනාධිපතිවරණයේ ආරක්ෂාව හා ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ පොලිසිය සහ මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.