Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඡන්ද පෙට්ටි මාරු කරන්න ඉඩක් නෑ – මැතිවරණ කොමිසම කියයි
Sri Lankan news

ඡන්ද පෙට්ටි මාරු කරන්න ඉඩක් නෑ – මැතිවරණ කොමිසම කියයි

kumudikaBy kumudikaSeptember 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපස පැමිණීමේ හැකියාව අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සදහා පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මානව සම්පත් දෙපාර්තමේන්තුව සහ ඉඩම් දෙපාර්තමේන්තුව ශ්‍රම බලකායේ නිපුණතාවය ඉහළ නැංවීමට එක් වේ
Next Article පාර්ලිමේන්තුව විසුරු  වීමට ජනාධිපතිට ඇති බලය පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් දැනුම් දීමක්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.