ලොව පළමු වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම වන Space X සිව් දින චාරිකාව ඊයේ(12) සාර්ථකව අවසන් කර ඇති බව ඇමෙරිකානු නාසා ආයතනය සදහන් කරයි.

ඒ අනුව එහි තාක්ෂණික ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකෝටිපති ජැරීඩ් ඉසාක්මන් සහ ඉංජිනේරු සාරා ගිලීස් ඊයේ අභ්‍යවකාශ යානයෙන් ඉවත්ව පිටතට පැමිණ තිබේ. ස්කොට් පොටීව් සහ ඇනා මෙනන් තව දින දෙකක් යානයේ රැඳී සිටින බව ද සදහන් වේ. කිලෝ මීටර් 730ක් ඉහළ අභ්‍යාවකාශයේ රැදී සිටිමින් මෙම පිරිස සිය අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු වල නිරත වී සිටියහ.

වෘත්තීය අභ්‍යවකාශවේදීන් නොවන මෙම පිරිස අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු වල නිරත වූයේ ඊලෝන් මස්ක් විසින් ආරම්භ කළ අභ්‍යවකාශ චාරිකාව ගමන් යටතේය.මෙම අභ්‍යවකාශ නිරීක්ෂණ චාරිකාවේදී පළමුව යානයෙන් පිටතට පැමිණි ජැරීඩ් ඉසාක්මන් විනාඩි දහයක් යානයෙන් ඉවත්ව අභ්‍යවකාශයේ රැඳී සිට ඇත.ඒ අනුව ඔහු අභ්‍යාවකාශයට පිවිසි වෘත්තීය අභ්‍යවකාශවේදියකු නොවන පළමු පුද්ගලයාය බවට පත්ව තිබේ.

Share.

Comments are closed.