Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»ඡන්දය දෙන්න දිගු පෝලිම් – ජනතාව අතර විශාල උනන්දුවක්
2024 - Presidential Election SL

ඡන්දය දෙන්න දිගු පෝලිම් – ජනතාව අතර විශාල උනන්දුවක්

kumudikaBy kumudikaSeptember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාගෙන පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් තිබේ.

අද උදෑසන 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම සවස 4.00 ට අවසන් කිරීමට නියමිතය.
තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රට පුරා සියලු ප්‍රදේශයන්හි ඉහළ උනන්දුවක් පවතින බව මැතිවරණ නිරීක්ෂකයන් කියා සිටිති.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාවට වටිනා මනාපය පළකළ හැකිය.
වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වනු ඇති.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙකු ඉදිරිපත් වෙති.
පිළිගත් දේශපාලන පක්ෂ 22ක්, වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන ජනාධිපති අපේක්‍ෂකයෙකු වූ අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වැනිදා අභාවප්‍රාප්ත විය.

ඒ අනුව සෙසු අපේක්ෂකයින් 38 දෙනා අතරින් අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන් වේ.

අනතුරුව පරිශ්‍ර 49 කදී ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කල රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 07කට ආසන්න බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව සඳහන් ය.
ඡන්දය ගණනය කිරීම රාජ්‍ය සේවකයින් අතින් සිදු කිරීමට නියමිත අතර ඡන්ද ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද යොදා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සියළු කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව යටතේ සිදුකෙරෙනු ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබෙදන්න බැරි වුනු නිල ඡන්ද පත්‍රිකා ලක්ෂ 3 ක් තවමත් තැපෑලේ
Next Article බිරිඳ සහ දරුවන් රට හැරදා ගිය බව අසත්‍ය බව නාමල් කියයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.