අද පෙරවරු 7.00ට ආරම්භ වූ ජනපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කිසිදු බරපතල සිද්ධියක් මේ දක්වා දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තාවී නැතැයිද ඒ මහතා සඳහන් කර ඇත. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ සුළු සිද්ධීන් 35ක් හැර වෙනත් කිසිදු බරපතල සිද්ධියක් තම නිරීක්ෂකයිනටද වාර්තාවී නැති බවය.

ඒ අනුව සමස්තයක් ලෙස මැතිවරණය මේ දක්වා සාමකාමීව පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

Share.

Comments are closed.