එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොදු සමා කාලයේ සේවාවන් සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතියේ දින 7 ම නැවත විවෘත කෙරේ.  ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වාද , සෙනසුරාදා හා ඉරිදා උදෑසන 10.00  සිට සවස 3.00 දක්වාද එම කාර්යාලය විවෘත වේ.

සෙනසුරාදා හා ඉරිදා දෙදින තුල කොන්සියුලර් අංශය හරහා පොදු සමාව සම්බන්ධ සේවාවන් පමණක් සිදු කරන බව දන්වා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
971 – 2631 6444    /     971 – 2634 6481

Share.

Comments are closed.

Exit mobile version