ශ්‍රී ලංකා ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනාධිපතිවරයා සඳහා ව්‍යවස්ථානුකූලව වෙන් වූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය සඳහන් කරයි.
නිත්‍යානුකූලව එය වෙනස් කරන තෙක් පවතින වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද ඇය සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ ගමන් බිමන් යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ විසින් බවත් එහිදී හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ ඇතුළු සියලු දේ අවස්ථානුකූලව තීරණය කරනු ලබන්නේ ආරක්ෂක අංශය විසින් බවත් ඇය සඳහන් කලාය.
නමුත් ව්‍යවස්ථාව වෙනස් කර අදාළ සංශෝධන ඇතුලත් කළහොත් ඒවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවද ඇය පෙන්වා දෙයි.
එසේ නොමැතිව එය වෙනස් කිරීම විධායකයේ ආරක්ෂාව භාර අංශ ප්‍රධානීන්ගේ වගකීමක් පැහැර හැරීමක් සේ සැලකෙනු ඇති බවද ඇය සඳහන් වැඩිදුරටත් පෙන්වා දුන්නාය.