මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් එහි දැඩි බලපෑම් ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.
වැඩිම බලපෑමක් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බව ඒ මහතා සඳහන් කරයි. ඉරානයට නැවත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරන බවට අනතුරු අඟවා තිබේ.
එවැනි තත්වයන් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. මේ අතර ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවට එහි සෘජු බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන් වේ.
ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට එවැනි තත්වයන්ට මුහුණදීමට සිදුවුවහොත් එය කිසිසේත් දරා ගැනීමට අපහසු වන බව ඔහු පැවසීය.
මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙරටට ආනයන අපනයන වෙළඳ පොළට මේ වනවිටත් යම් තරමකින් හෝ බලපෑම් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.