ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සනත් ජයසූරිය මහතා අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

මෙම පත්වීම 2024 වසරේ ඔක්තෝබර් පළමු වනදා සිට බලාත්මක වන අතර එය 2026 වසරේ මාර්තු 31 වනදා දක්වා පවතිනු ඇත.

ඒ අනුව ඔහු 2026 වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කිරීමට නියමිත වේ.

Share.

Comments are closed.

Exit mobile version