මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබිය ආසියාවට අලෙවි කරන බොරතෙල් මිල ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන සෞදි අරාබිය තෙල් මිල ඉහළ දමා ඇත්තේ අපේක්ෂිත ප්‍රමාණයකටත් වඩා ඉහළ අගයකින් යුතුව බව ද වාර්තා වේ. සෞදි අරාබිය බොරතෙල් මිල ඉහළ දැමීමට නියමිතව ඇතැයි ආසියාවේ තෙල් සමාගම් බලාපොරොත්තු වුවද, එය බැරලයක් ඩොලර් 0.65කින් පමණ ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් සමාගම ආසියාවට අපනයනය කරනු ලබන සැහැල්ලු බොරතෙල් බැරලයක මිල ඩුබායි සහ ඕමාන් තෙල් මිල ඉක්මවා අමෙරිකානු ඩොලර් 2.20කින් ඉහළ දමා ඇතැයිද, එය පසුගිය නොවැමබර් මාසයේදී ඩොලර් 0.90ක්ව තිබූ බව ද වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version